FAST NEWS

24×7 Around the Globe

හයිඩ් පිටියට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට විනය පියවර නෑ.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ හයිඩ් පිටියේදී පසුගියදා පැවැත්වූ රැළියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

හයිඩ් පිටියේ පැවැත්වූ රැළියට සහභාගි වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකු පක්ෂය හෝ පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ විවේචනය නොකළ බව ඩිලාන් ‍පෙරේරා මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.