FAST NEWS

24×7 Around the Globe

දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවෝ වැඩ වර්ජනයකට සැරසෙති.

පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ සියළුම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන් වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

හෙට(31) දිනයේ එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකාරි සංගමය පවසයි.

ඔවුන්ට ලබා දෙන මාසික වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් එම වර්ජනය සිදු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.