FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසුන් නිසා කොළඹ නගර සීමාව තුල දැඩි රථ වාහන තදබදයක්.

කැළණි සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් නිසා කොළඹ නගර සීමාව තුල දැඩි රථ වාහන තදබදයක්  හට ගෙන ඇති බව පොලිසීය පවසයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමීෂන් සභාවට සමීප කොළඹ වෝඩ් පෙදෙස සහ ටවුන්හෝල් අවට මෙම රථවාහන තදබදය ඇති වී තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සරසවි සිසුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ අද (30) පෙරවරුවේ කැළණි විශ්ව විද්‍යාලය ඉදිරිපිටිනි.