FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී මහරුප් එජාපයෙන් ඉවත් වී ඇමති රිෂාඩ්ගේ කොංග්‍රසයට එක්වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සභාපති හා එම පක්ෂයේ මුතුර් ආසන සංවිධායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.එම්.මහරුප් එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වි අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මහජන කොංග්‍රසයට එක්විය.

එම කොංග්‍රසයට එක්වු මහරුප්ට ජාතික සංවිධායක දුරය පිරිනැමු බව නායක අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් කින්නියා පැවති රැස්විමකදි අනාවරණය කලේය.

මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිලිතුරුදුන් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.එම්.මහරුප් පැවසුවේ 2000වස‍රේ සිට තමන් එක්සත් ජාතික පක්ෂයට කැපවි කටයුතු කල තමන් එවකට එකම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයා වු බවයි.

2015 මහා මැතිවරණයේදි තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට නාම යෝජනා නොලැබුණු විට තම පක්ෂයට යටතේ ත්‍රිකුණාමලයට තරග කල අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ගේ අපේක්ෂකයෙකු ඉවත්කර තමන්ට නාමයෝජනා ලබාදිමෙන් මෙම කලකිරිම හටගත් බවයි ඔහු පවසා ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.එම්.මහරුප් –

වෙනත් දිස්ත්‍රික්කවලට කැබිනට් ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් හතර පහ දිලා තියනවා. නමුත් ත්‍රිකුණාමල ජනතාවට කුඩම්මාගේ සැලකිලි තියෙන්නේ.ඒ නිසා මම සමස්ථ ලංකා මහජන කොංග්‍රසයට එක්වි ජාතික සංවිධායක දුරය ‍භාරගෙන යහපාලන රජයට සහය දෙනවා.