FAST NEWS

24×7 Around the Globe

චාවකච්චේරියේ පුපුරණ ද්‍රව්‍ය ගැන එකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් අසයි.

චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන පොලසිය භාරයට ගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඇතුලු පුපුරණ ද්‍රව්‍ය තොගය කොළඹ – වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර තිබුණේ ද යන්න පිලිබඳව ආණ්ඩුව හෙළි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

එසේම මෙය හුදෙකළා සිදුවීමක් නොවන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.