FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය හිටපු ASP චමිල් ධර්මරත්න යළි රිමාන්ඩ් කරන්නැයි නියෝග.

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න මරණය  සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටි සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න මහතා ලබන මස 08 තෙක් යළි රිමාන්ඩ් කිරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(29)නියෝග කර තිබේ.

මියගිය සුමිත්ගේ  මරණ පරීක්ෂණයේ දෙවන වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර එය ඉදිරිපත් කරන ලෙසට ද එහිදී නියෝග කර තිබේ.

එසේම සැකකරු කොන්දේ අමාරුවකින් පෙළෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දන්වනු ලදුව ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තා ද ඉදිරිපත් කරන ලෙසටද අධිකරණය නියෝග කර ඇත.

මේ අතර ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීම ද කල්දමා ඇත.