FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයකින් බලයට පත් ප්‍රථම මියන්මාර ජනාධිපතිවරයා දිව්රුම් දෙයි.

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදි  මැතිවරණයකින් බලයට පත් ප්‍රථම ජනාධිපතිවරයා ලෙස හ්ටින් කයෝවු දිවුරුම් දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් බලයට පැමිණි කයෝවු, එම ලීගයේ නායිකා අවුන්ග් සාන් සුකීගේ අතිශය සමීපතමයෙකු වෙයි.

69 වැනි වියෙහි පසුවන ඔහු බලයට පැමිණීම සඳහා පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් එම පක්ෂය ලැබූ දැවැන්ත ජයග්‍රහණය හේතු විය.

එමෙන්ම, විදෙස් ජාතිකයෙකු සරණපාවා ගැනීම නිසා එරට ව්‍යවස්ථාවට අනුව සුඛී වෙත ජනාධිපති පදවිය හිමි නොවීමද, ඔහුගේ මෙම පදවි ප්‍රාප්තියට හේතු විය.

මියන්මාර ජනතාවට තමා විශ්වාසවන්තයෙකු වන බව පවසමින් එරට අගනගරය වන නෙයි පෙයි ටෝව් හි පාර්ලිමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදුවිය.