FAST NEWS

24×7 Around the Globe

ඇමති පාඨලි චම්පිකගේ දුරකථන ඇමතුම් ගැන පරික්ෂණ කරන්නැයි නියෝග.

රාජගිරියේදී පාඨලී චම්පික රණවක ඇමැතිගේ රියේ හැපී යතුරුපැදිකරුවකු අනතුරට පත්වීමේ සිද්ධිය ගැන පරීක්ෂණ රහස් පොලිසියට දෙන්නේද නැද්ද යන්න ගැන ලබන අප්‍රේල් 27 වැනිදා තීරණය කරන බව රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා අද (30) ප්‍රකාශ කළේය.

අනතුර සිදුවූ දිනයේ පාඨලි චම්පික ඇමැති කොපමණ දුරකථන භාවිත කළේද කෙතරම් ඇමතුම් සංඛ්‍යාවක් ගත්තේද යන්න ඔහුගේ ජාතික හැඳුනුම්පත ආශ්‍රයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.

සීසීටීවී කැමරා විස්තර කඩිනමින් ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා ඇත.