FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් මාසයේ මුල් සතිය තුළ බස් ගාස්තු වැඩි වීමක් – ගැමුණු

අප්‍රේල් මාසයේ මුල් සතිය වන විට බස් ගාස්තු වල වැඩිවීමක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඉදිරියේදි සිදුවීමට නියමිත බදු සංශෝධන හා ඩොලරයේ අගය 149 දක්වා ඉහළයාමත් තම කර්මාන්තයට සෘජුවම බලපාන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එ අනුව අප්‍රේල් මාසයේ මුල් සතිය වන විට මේ පිළිබඳ නිසි ගණනය කිරීමක් සිදුකොට තම යෝජනා මුදල් අමාත්‍යංශයට හා ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව බොහෝවිට බස් ගාස්තු සංශෝධනයක් සඳහා යොමුවීමට සිදුවනු ඇති බයව ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේය.