FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථාන සීමාවේදී ඇමෙරිකානු ජෙට් යානයකට අනතුරක්.

ඇෆ්ගනිස්ථාන සීමාවේදී ඇමෙරිකා  එෆ්-16 ජෙට් යානයක් අනතුරට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිට සැතපුම් 30ක් පමණ දුරින් පිහිටි බග්රම්හි ගුවන් ක්ෂේත්රය අසල මෙම අනතුර සිදුවී තිබේ.

කෙසේ වෙතත් නියමුවා ආරක්ෂක උපක්‍රමයකින් දිවි බේරා ගත් බව සඳහන්ය.

මේ වන විට නියමුවා වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.