FAST NEWS

24×7 Around the Globe

කොටකෙතන කාන්තා ඝාතන සිදුව්ම් හතේ සැකකරු යළි රිමාන්ඩ්.

කොටකෙතන කාන්තා ඝාතන සිදුවීම් 7කට  සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යළි ලබන 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම සැකකරුගේ පාපෝච්චාරණය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.