දෘෂ්‍යාබාධිත ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමයක් ලෙස බ්‍රේල් ක්‍රමය යටතේ අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එළැඹෙන මැතිවරණයේදී මෙය අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම ඡන්ද දායකයින්ට කිසිදු පුද්ගලයෙකුගේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
ජනමාධ්‍ය අමාත්‍යාශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.







