FAST NEWS

24×7 Around the Globe

පැහැරගනු ලැබූ ඊජිප්තු යානයේ සිටි බහුතරයක් නිදහස් කරයි (update)

අද (29) දිනයේදී පැහැරගනු ලැබූ ඊජිප්තු ගුවන් සේවයට අයත් යානයේ සිටි බහුතරයක් මේ වන විට නිදහස් කර ඇතැයි වාර්තා වේ.

පැහැරගනු ලැබූ MS181 ගුවන්යානයේ සිටි කාර්ය මණ්ඩලය හා විදෙස් මගීන් සිවුදෙනෙකු හැර අනෙක් සියලු දෙනා නිදහස් කර ඇතැයි ඊජිප්තු ගුවන් සේවය පවසන බව බීබීසී ලෝක සේවයේ දැක්වේ.

පැහැර ගැනීමට ලක් වූ යානය මේ වන විට සයිප්‍රසයේ ලැනාකාර් ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබේ.

++++++++++++++++++(update)

ඊජීප්තු මගී ගුවන් යානයක් පැහැර ගැනේ.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා සිට කයිරෝ බලා ගමන් කරමින් තිබූ MS181 දරණ ඊජීප්තු ගුවන් යානයක් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානයට පැමිණි ආයුධ සන්න්ධ පුද්ගලයන් විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබෙයි.

කොල්ලකරුවන්ගේ ඉල්ලීම මත ගුවන් යානය සයිප්‍රස්හි ලාර්නකා ගුවන් තොටුපොළට ගොඩ බස්සවා  තිබේ.

යානාවේ මගීන් 55 හා කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු ගමන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.