FAST NEWS

24×7 Around the Globe

කොළඹ මහාධිකරණය සිසිලි කොතලාවලට ඇප නොදෙයි.

ගෝල්ඩන් කී නඩුවට සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සිසිලි කොතලාවල අද (29) මෝසමක් මගින් ඇප ඉදිරිපත් කිරීමට පැමිණියද අධිකරණයේ අභිමතය පරිදි නිසි ඇප නොමැති වීම හේතුවෙන් ඇප තැබීම මාර්තු 31 වැනිදාට කල් තැබිණි.

රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට පසුගියදා අභියාචනාධිකරණය තීන්දු කළ අතර එක් ශරීර ඇපයක් සඳහා රජයේ විධායක නිලධාරියකු ඇප තැබිය යුතු බවට වන කොන්දේසිය අද සපුරා නොමැතිවීම හේතුවෙන් සිසිලි කොතලාවලගේ ඇප කොළඹ මහාධිකරණ විනිසුරු විසින් ඇප ලබාදීම ප්‍රතිෂේප කළේය.