FAST NEWS

24×7 Around the Globe

සිරියානු ජනපතිගේ අනාගතය ගැන කතිකා නොකිරීමට රුසියාව හා ඇමරිකාව එකගවේ

ඇමරිකාව හා රුසියාව අතර පැවැත්වෙන සාකච්ඡවලදී සිරියානු ජනාධිපති බෂාර් අසාද්ගේ අනාගතය සම්බන්ධ ගැටළුව පිළිබඳ සාකච්ඡ නොකිරීමට දෙරට අතර අවබෝධයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රිබාකොව් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී අසාද්ගේ අනාගතය ගැන සාකච්ඡා කිරීම අවශ්‍ය නොවන බවට වන මූලික අදහස ඇමරිකාව හා රුසියාව දෙපාර්ශ්වය විසින් දරන බවයි.

රුසියාවේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර පැවැත්වෙන සාකච්ඡවල ප‍්‍රතිඵලය කුමක් වනු ඇතිදැයි නැගුණු පැණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබේ.