FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකීක මන්ත්‍රීවරු ජිනීවා නුවර උද්ඝෝෂණයකට සැරසෙති.

ප්‍රථම වරට ශ්‍රී ලාංකික මන්ත්‍රීවරුන් කීපදෙනකු සහභාගි වන උද්ඝෝෂණයක්‌ මාර්තු 31 වැනිදා දහවල් 11.00 ට ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත්වීමට නියමීතය.

උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු කීපදෙනකු ද ඇතුළු රටවල් තුනක ශ්‍රී ලාංකිකයෝ ඊට සහභාගි වීමට නියමීත බවද වැඩි දුරටත් වාර්තා වේ.

රණවිරුවන් රැකගනිමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණයට ඉතාලි ප්‍රංශ හා ස්‌විස්‌ ශ්‍රී ලාංකිකයින්  සහභාගි වේ.

මේ උද්ඝෝෂණයට ස්‌විස්‌ පොලිසිය අවසරයද මෙ වන විට හිමීව ඇති බව වාර්තා වේ.