පළාත් පාලන මැතිවරණය කෙලෙසකවත් පැරණි ක්‍රමවේදයට අනුව නොපවත්වන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය
නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පළාත් පාලන සීමා නිර්ණය විමර්ශන කමිටුවට මාස හයක කාලයක් ලබාදී ඇතැයි ද ඇමැතිවරයා එහිදි පැවසීය.
පසුගිය පෙබරවාරි මස සිට මාස හයක කාලයක් මෙසේ කමිටුවට ලබාදුන් බව ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
“අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොට්‌ඨාස සීමා නීර්ණ අභියාචනා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් කටයුතු කරනවා. ඇමැතිවරයා වශයෙන් මම උපදෙස් දී තිබෙනවා ස්‌වාධීනව කටයුතු කරන ලෙසට. නිසි පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් කාලයක් අවශ්‍යයි කියලා කමිටුව දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත සීමා නීර්ණ කටයුතු සඳහා මාස හයක කාලයක් ලබා දුන්නා.
අප්‍රේල් මාසයේ ඡන්දය තියන්නයි උත්සාහ කළේ. ඇතැම් අය ආණ්‌ඩුවට චෝදනා කරනවා. නමුත් හරියට කොට්‌ඨාස නීර්ණය නොකර ඡන්දය නොපවැත්වුවහොත් එහි වරද මගේ වෙනවා. ඡන්දය නොපැවැත්වීම මටත් ප්‍රශ්නයක්. කමිටුවට මාස හයක් දී තිබෙනවා. එහි වාර්තාව ලද වහාම ඡන්දය පවත්වනවා. පැරණි ක්‍රමයට ඡන්දය තිබ්බොත් මේ කමිටුව විහිලුවක් වෙනවා. යහපාලන ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කිව්වා නව මැතිවරණ ක්‍රමයක් ගෙන එන බවට. සීමා නීර්ණය කිරීමේදී යම් යම් ගැටලු මතු වෙලා. ඒවා නිරාකරණය කරගෙන නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඡන්දය පවත්වනවා”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.