එදා ආණ්ඩුව කරපු වැඩගැන මේ ආණ්ඩුව විපක්ෂයට බනින නමුත් ඒවා සියල්ලක්ම කළේ මහින්ද රාජපක්ෂ තනියම නොව වත්මන් ජනපති සිරිසේන ඇතුළු මුළු කැබිනට් එකම සමග බැවින් වත්මන් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ද ඊට වගකිව යුතු බව හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී පැවසීය.
‘වත්මන් ජනපතිවරයාට ඒ වගකිම්වලින් මිදිය නොහැකි බවද අවධාරණය කළ රාජපක්ෂ මහතා ඒ නිසා විපක්ෂයට බැන බැන නොසිට ජනතාවට වැඩක් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
‘2001දී එක්සත් ජාතික පක්ෂය බලයට ආපු වෙලාවේ ඔවුන් කිව්වා කෘෂිකර්මය වෙනුවෙන් වූ වාරිමාර්ග සදහා මීට පස්සේ සල්ලි වියදම් කරන්නේ නෑ කියලා. මොකද කුඹුරු ගොඩකර කර්මාන්තශාලා ඇතිකළ යුතුයි කියලා. ඒ ප්රතිපත්තිය එදා ජනතාව ප්රතික්ෂේප කළා.
අද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපේම අයවත් එකතු කරගෙන ඒ ප්රතිපත්තිය ක්රියාත්මක කිරිමට යන එකයි අපිට තියන දුක. අපි පෝර සහනාධාරය දීපු නිසයි වීවලින් එසේ ස්වයං පෝෂිත වුණේ. පෝර සහනාධාරය නොදුන්නානම් ඒ තත්ත්වය ඇති වෙන්නේ නෑ. ඒකට මොකද කළේ ඒ පෝරවල වස විස තියනවා කියලා ඒක කප්පාදු කළා. දැන් සල්ලි දෙනවයි කියන්නේ නිකං නේ.
දැන් වී ටික විකුණා ගන්නත් බෑ. ගෙදර ළමයි බඩගින්නේ අඬනකොට ඔබ ඒ රුපියල් විසි පන් දහසෙන් පෝර ගන්නවද දරුවට කන්න දෙනවාද? බොන කෙනෙක්නම් ඒක වෙන එකකට යොදවයි.
රෝහලට ගියාම රෝහලේ බෙහෙත් නෑ. ඕනෑම රෝහලකට ගියාම ෆාමසියෙන් ගේන්න කියලා තුණ්ඩු කෑල්ලක් අද දෙනවා. ඒක නේද ඇත්ත. නමුත් අපිටයි දොස් කියන්නේ.’ යැයි හිටපු ජනපති කීවේය.
‘හැම වෙලාවෙම විපක්ෂයට බැන බැන ඉදලා වැඩක් නෑ. ජනතාවට වැඩක් කරන්න ඕනෑ. මහින්ද රජපක්ෂ විතරක් නෙමෙයි එදා හිටිය කැබිනට් එකම බැනුම් අහන්න ඕනෑ. සිරිසේනත් එක්කම.
මේවා මම විතරක් කෙරුව ඒවා නෙවෙයි. මුළු කැබිනට් එකත් එක්කයි කළේ. එයත් වග කියන්න ඕනෑ. මෙක දැන් බලනකොට මම විතරයිනෙ කැබිනට් එකේ ඉදලා තියෙන්නේ. තමුන්ගේ වගකීමෙන් මිදෙන්න බෑ‘ යැයිද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.