FAST NEWS

24×7 Around the Globe

බැන් කී මූන්ගෙන් ජනපතිට විශේෂ දුරකථන ඇමතුමක්.

රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරමින් සියලු ජනකොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් නව රජය ගෙන යන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ.

අද (04දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබාදෙමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද මෙහිදී සිය ප්‍රසාදය පළ කර ඇති මූන් මහතා ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරනු ලැබූ දැඩි කැපවීමද ඇගයීමට ලක් කර තිබේ.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් සහ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් 20 වැනි සංශෝධනයද කඩිනමින් සම්මත කර ගනු දැකීම තම අපේක්ෂාව බවද මහලේකම්වරයා ජනාධිපතිවරයාට එහිදී පවසා තිබේ.