FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 67ක් මරුට.

පාකිස්තානයේ නිරිතදිග ප්‍රධානතම නගරයවන ලාහෝර් නගරයේ දී ඊයේ (27) පස්වරුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් කළ බෝම්බ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 67 දෙනකු මියගොස් 300 දෙනකුට තුවාල සිදු වී ඇත.

නගර මධ්‍යයේ පිහිටි ගුල්ෂාන් ඉක්බාල් උද්‍යානයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් විවේක සුවයෙන් සිටි නගර වැසියන් බොහෝ දෙනකු විපතට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තාන අගමැති නවාෂ් ෂෙරීෆ් මහතා එම ප්‍රහාර තරයේ හෙලා දැක ඇති අතර එම ප්‍රහාරයේ වගකීම මේ වනතුරු කිසිවෙකු භාරගෙන නොමැත.