FAST NEWS

24×7 Around the Globe

ජල මට්‌ටම අඩු වුවත් විදුලි කප්පාදුවක් නෑ – ඇමති රංජිත්

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටම අඩු වුවත් විදුලි කප්පාදුවක්‌ සිදු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටම වැසි නොලැබීම හේතුවෙන් වුවත් ජාතික විදුලිබල පද්ධතියට බලනොපාන අන්දමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කියා සිටියේ වවුනියාව නගර ශාලාවේ පැවති නැගෙනහිර පළාතේ පාසල් බලශක්‌ති සමාජ පිහිටුවීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා,

“අපට දිනකට මෙගාවොට්‌ 2200 ක පමණ ඉල්ලුමක්‌ පවතිනවා. නමුත් මේ දිනවල ඒ තත්ත්වය ඒකක 200 කින් පමණ වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් එම තත්ත්වය කළමනාකරණය කරමින් තමයි අද දවසේ අපි මේ තත්ත්වයන්ට මුහුණදෙන්නේ. සියලු දෙනාම එක්‌ව කැපවීමෙන් මෙගාවොට්‌ 400 ක ඉතිරියක්‌ කරගන්නට පුළුවන් නම් අපට කිසිම අභියෝගයක්‌ නෑ. එය ආත්මීය වගකීමක්‌ විදියට සැලකීම ඉතා වැදගත්” යෑයි පැවසීය.