FAST NEWS

24×7 Around the Globe

මුල්‍ය වාර්තා 220ක් අතුරුදන් – මුදල් ඇමති

ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලට අදාළ මුල්‍ය වාර්තා 220ක් අතුරුදන්ව ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ මහා පරිමාණ ව්‍යාපාතිවල මූල්‍ය තොරතුරු ඇතුළත්  වාර්තා මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

එම වාර්තා අතුරුදන්වීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බව ද මුදල් අමාත්‍යවරයා පවසයි.

අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති ඉන්දු – ලංකා ශිල්ප කලා අත්කම් හා රෙදිපිලි ප්‍රදර්ශනය විවෘත කිරීමේ  අවස්ථාවට එක්වෙමින් රවි කරුණානයක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.