FAST NEWS

24×7 Around the Globe

සිසිලියා කොතලාවල මහත්මියට ඇප.

ගොල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වු හා ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන ,සිසිලියා කොතලාවල මහත්මියට අභියාචනාධිකරණයෙන් අද (24) ඇප හිමීවිය.

ගෝල්ඩන් කී මූල්‍ය වංචාවට අදාළව ඇයට එරෙහිව පවරා ඇති නඩුවක් හේතුවෙන් කොළඹ මහාධිකරණය විසින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

එම සිදුවීමට අදාළව ඇය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් රු.ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදාහැරීමට අද නියෝග කරන ලදී.