FAST NEWS

24×7 Around the Globe

ඇමති ජොන් අමරතුංගට එරෙහිව විස්වාසභංගයක්.

සංචාරක ඉඩම් හා ක්‍රිස්ථියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට විශ්වාසභයක් ගෙනඒමට  කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා ඊයේ(23) දිනයේ පාර්ලිමේන්තුවේදී විමසු ප්‍රශ්නයට අමාත්‍යවරයා වැරදි තොරතුරු ලබා දුන් බවත් ඒ හරහා අමාත්‍යවරයා පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.  තමා විමසු පැනයට අදාළ සත්‍ය තොරතුරු සභාගත කරන බවත් ඉදිරි කාලයේදී අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ගෙන එන බවත් මන්ත්‍රීවරයා පැවසීය.