FAST NEWS

24×7 Around the Globe

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම ගැන CIDය පරික්ෂණ අරඹයි.

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 වැනිදා) සිට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

උන්වහන්සේගේ අපවත්වීම කුමන්ත්‍රණයක්‌ මත සිදුවී ඇති බවට උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු කිහිපදෙනකු විසින් පසුගිය දිනවල කළ ප්‍රකාශ සැලකිල්ලට ගෙන මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම අපවත්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනාධිපති අගමැති සහ පොලිස්‌පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්ද‌ කර තිබේ.

එම ඉල්ලීමද සැලකිල්ලට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්‍ෂණයට උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ සහාය ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද එම නිලධාරියා කීය.