FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කිරීමට පියවර.

බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපොළට එල්ල වු ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ වන විට සියලුම ආරක්ෂක නිලධාරීන් දැනුම්වත් කර ඇති බව එම එම අධිකාරිය සඳහන් කළේය.