FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය ASPට ඇප දීමට විරෝධතා ඇත්නම් ගොනු කරන්න අධිකරණය කල් දෙයි.

ඇඹිලිපිටිය සිද්ධියට අදාළව රිමාන්ඩ්  කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩි.ඩබ්.සි. ධර්මරත්න මහතාට ඇප නියම කිරීමට එරෙහි විරෝධතා ඇත්නම් මේ මස 30 දින එම විරෝධතා ගොනු කරන ලෙස ඇඹිලිපිටිය මහාධිකරණය අද (23දා) රහස් පොලීසියේ විශේෂ විමර්ශන අංශයට දැනුම් දුන්නේය.

රිමාන්ඩ් කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය මහාධිකරණයට ඇප ඇයදුම් පත්‍රයක් පෙබරවාරි (17දා) ඉදිරිපත් කළේය.