FAST NEWS

24×7 Around the Globe

අවුන් සාං සූ චීට කැබිනට් ආසනයක් හිමි වෙයි.

දශක ගණනාවක් මුළුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ අරගලයකින් පසු අවුන් සාං සූ චීට මියන්මාර පාර්ලිමේන්තුවේ කැබිනට් ආසනයක් හිමි වී තිබේ.

පසුගිය මහ මැතිවරණයෙන් ජය ගත් නොබෙල් ත්‍යාගලාභී සූ චී, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මගින් පිහිටුවණු ලැබූ නව රජයේ අමාත්‍යංශ හතරක් සඳහා නායකත්වය ලබා දෙනු ඇත.

විදේශ කටයුතු, අධ්‍යාපන, විදුලිය සහ බලශක්ති යන අමාත්‍යංශ ඇය යටතට ගැනෙණ අතර ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා වන්නේ ද ඇය යි.