FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන්ගේ මරණ පරික්ෂණ සඳහා දෙමාසයක් කල් ඉල්ලයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරික්ෂණ සඳහා දෙමාසයක් කල් දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (23) අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසීටීවී කැමරා දර්ශන වාර්තා එතෙර යවා ඇති බවත් වෙනත් දර්ශන සොයා ගැනීමට  අපහසු වු බවත් පැමිණ සිටි නීතිඥයෝ අධිකරණයට පැවසුහ.

නඩුව මැයි මාසය දක්වා කල් තැබිණි.