FAST NEWS

24×7 Around the Globe

ශ්‍රමිකයන් ලක්ෂ 15 ක් ගෙන්වා ගැනීමේ මැලේසියානු සැලසුම ලොප් වෙයි.

බංගලාදේශ ශ්‍රමිකයන් ලක්ෂ 15 ක් මැලේසියාවට ගෙන්වා ගැනීමට ගිවිසුමක් අත්සන් කළ ද එය ඊට පසු දින සිට අවලංගු කළ බව මැලේසියා නියෝජ්‍ය අගමැති මුහියිදීන් යාසීන් පවසයි.

බංග්ලාදේශය සමඟ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ ගිවිසුමක් මැලේසියාව අත්සන් කළේ මැලේසියාවේ වෘත්තීය සමිති, ප්‍රජා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවල  විරෝධය මධ්‍යයේ ය.

ආර්ථික අහේනියකට මුහුණපා සිටින මැලේසියාවේ මේ තීරණයට විරෝධය පළ කරන විපක්ෂය කියා සිටින්නේ අලුතින් තවත් සංක්‍ර මණිකයන් ගෙන්වා ගැනීමට කලින් තවමත් සරණාගත කදචුරුවල වෙසෙන විදේශිකයන් ගේ ආගමන ලියකියවිලි සහ පුරවැසි ලියකියවිලි නිසි පරිදි සකස් කර ඔවුනට එරට රැදී සිටීම නිත්‍යනුකූල කරන ලෙස ය.

ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ ගිවිසුම අත්සන් කළ මැලේසියානු මානව සම්පත් අමාත රිචඩ් රයාට් කියා සිටියේ එම ගිවිසුම පසුවදාම බල රහිත කළ බව ය.

මේ බව තවමත් බංග්ලාදේශයට දන්වා යැවීමට නොහැකි වූ බව අමාත්‍යංශයේ වැඩබලන ලේකම්, බෙගම් ශම්සුනාර් මාධ්‍ය වෙත පැවසී ය.