FAST NEWS

24×7 Around the Globe

ගැබිණි මව්වරුන්ට මාසිකව රජයෙන් වවුචර්පතක්.

ගැබිණි මව්වරුන්ට මාසිකව ලබාදෙන පෝෂණ මල්ල වෙනුවට වවුචර්පතක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලය හමුවට යොමු කරන බවය.

මාසිකව ලැබෙන පෝෂණ මල්ල ලබාගැනීමේදී තමන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවට ගැබිණි මවුවරුන්ගෙන් විවිධ පැමිණිලි ඉදිරිපත් වී තිබීමත් ඇතැම් මවුවරුන් පෝෂණ මල්ල ලබාගැනීම සඳහා අති විශාල දුර ප‍්‍රමාණයක් පැමිණිය යුතු වීමත් නිසා මෙම නව ක‍්‍රමවේදය ඇති කිරීමට රජය තීරණය කර තිබේ.