FAST NEWS

24×7 Around the Globe

‘කොණ්‌ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා නැවතත් පොලිස් මෙහෙයුමක්‌.

ගම්පහ ප්‍රදේශයේ වත්තකට ඇතුළුවී නිරුවතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බව කියන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්‌ඩයා’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක්‌ අරඹා ඇත.

‘කොණ්‌ඩයා’ නමැති මෙම සැකකරු මින් පෙර සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කර පසුව මුදාහල පුද්ගලයාය. සේයා ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවමට ලක්‌වූයේ මෙම කොණ්‌ඩයා නමැත්තාගේ සොහොයුරාය.

මොහු ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයේ විශ්‍රාමික නාවික නිලධාරියෙකුගේ වත්තට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

වත්තේ සිටින එළදෙනක පෙරේදා (19 දා) රාත්‍රි 8.30 ට පමණ කෑ ගසන ශබ්දය නිවසේ සිටි විශ්‍රාමික නාවික නිලධාරියාට ඇසී ඇත. ඔහු ගොස්‌ බලද්දී කොණ්‌ඩයා නමැති සැකකරු එළදෙන අසල සිට පැන ගිය බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එළදෙනගේ ගෙල  පෙදෙස සිරකර බැඳ තිබූ බවද, සැකකරු එළදෙනට අස්‌වාභාවික වධ දී ඇතැයි පැමිණිල්ලේ දැක්‌වේ.