FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රී සිට මුදුබඩ දුම්රිය ධාවනය තනි මාර්ගයෙන්.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ – කොටුව හා ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අද (18) රාත්‍රී 8 සිට තනි මාර්ගයේ සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ සඳහන් කර සිටියේ වැල්ලවත්තේ පැරණි දුම්රිය පාලම ඉවත් කර අලූත් පාලමක් ස්ථාපිත කිරීම හේතුවෙන් මෙලෙස එම කොටසේ තනි මාර්ගයක දුම්රිය ධාවනය සිදු කරන බවය.
ඒ අනුව අද රාත්‍රී 8  සිට ලබන 22 වනදා පස්වරු 4.30 දක්වා කාලය තුළ මෙලෙස එම මාර්ගයේ දුම්රිය තනි මාර්ගයක් ඔස්සේ ධාවනය කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
ඒ හේතුවෙන් සුළු දුම්රිය ප්‍රමාදයක් විය හැකි බව ද දුම්රිය ගමනාගමන අධිකාරිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.