FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ රැලියට සහභාගි වූ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට දැඩි විනය ක්‍රියා මාර්ග.

කොළඹ හයිඞ් පිටියේදී ඊයේ (17 වැනිදා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගි වූ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කර සිටියි.
ඒ අනුව ඉදිරි සතිය තුළ අදාළ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කරන බවත් ඉන්පසුව මධ්‍යම කාරක සභාව කැඳවා එහි තීරණයට අනුව මෙම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
පක්ෂයේ විනය කඩකළ මන්ත්‍රීවරුන් පක්ෂයේ ජයග්‍රහණය සහ පක්ෂ විනය ආරක්ෂා කරගැනීම සඳහා පක්ෂයෙන් නෙරපා දැමීමට වුවද පසුබට නොවන බවත් මහ ලේකම්වරයා කියා සිටියේ ය.