FAST NEWS

24×7 Around the Globe

පුත්තලමේ පාසල් සියල්ල වැසෙයි.

ගුරුවරු ‍‍ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් සියල්ල අද (18) වැසී ඇති බව සමස්ත ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සරත් විජේසිංහ මහතාට ඒ මහතාගේ කාර්යාලය තුළ දී වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.එම්.තාහිර් මහතා විසින් බැණ වැදී පහර දීමට උත්සහ කළ බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් මෙසේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කර ඇත. ඉකුත් 16 වැනි දා පස්වරුවේ මෙම සිද්ධිය සිදු වී තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට බැණ වැදී පහර දීමට උත්සහ කළ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.එම්. තාහිර් මහතා නීතිඥයින් දෙදෙනෙකු මගින් ඊයේ (17) පුත්තලම පොලීසියට ඉදිරිපත් විය.

පොලිස් නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරු ව පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහි දී රුපියල් ලක්ෂ 02 බැගින් පුද්ගල ඇප දෙකක් මත පළාත් සභා මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.