FAST NEWS

24×7 Around the Globe

රජීව් ගාන්ධි ඝාතනයට සැකකාරීයක් රෝහල් ගත කරයි.

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට තමිල්නාඩුවේ වේලූර් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින නාලනී හදිසියේ අසනීප වී රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

රජීව් ගාන්ධි ඝාතනයට හත් දෙනකු වැරදිකරුවන් වූ අතර ඒ අතර සිටින එකම කාන්තාව නාලනී ය.

බන්ධනාගාර ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබන ඇය හදවත් පරීක්ෂණයකට යොමු කිරීමට ද නියමිතය.