මොරටුව – සොයිසාපුර නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.
අද පෙරවරුවේ හට ගත් මෙම ගින්න මේ වනවිට නිවා දමා ඇති බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.







