FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝල් සක්‍රීයයි – විදුලිය කැපීම අවසන්.

නොරොච්චෝල් තාප බලාගාරයේඅදියර 2 සහ 3 ඊයේ (17 දා) මධ්‍යම රාත්‍රියේ පටන් සක්‍රීය තත්වයට පත්වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 600ක විදුලි ධාරිතාවත් ලැබෙන බවත් ඒ හේතුවෙන් දින කීපයක් පැවති විදුලි කැපීම අවසන් කළ බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් එළැඹෙන 23 දා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.