FAST NEWS

24×7 Around the Globe

ධම්මික රණතුංගට මහාධිකරණයෙන් නොතීසි නිකුත් කරයි.

කොළඹ මහාධිකරණයේ අංක 7 දොරටුව අසලදී මාධ්‍යවේදියකුට තර්ජනය කළැයි වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට ලබන මාර්තු 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නොතීසි නිකුත් කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය අනුව ධම්මික රණතුංග දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළැයි කෙසෙල්වත්ත පොලිසිය අද බී වාර්තාවක් මගින් අධිකරණයට දැන්වීය.