එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් වරයකු වන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් තමන් නුදුරේම සිය දේශපාලනයෙන් විශ්‍රාම ගත හැකි බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (16) වැඩ භාරගන්නා අවස්ථාවට එක් වෙමීන් එ මහතා මෙ පිළිබඳව අවධාරණය කර සිටියේය.
ඉකුත් ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වූ සැබෑ හේතු තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගත් පසු හෙළි කර බවද එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.







