FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පෙරටු කරගක් එකාබද්ධ විපක්ෂයේ ජන රැලිය අද.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව අද(17) සවස 3.00ට කොළඹ හයිඩ්පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජනතා මර්දනයට, ගොවි සහන කප්පාදුවට, රණවිරු දඩයමට, ඡන්ද අයිතිය උදුරා ගැනීමට එට්කා ගිවිසුමෙන් රට පාවාදීමට සහ දේශපාලන පළිගැනීමට එරෙහිව ජනතා සටන ලෙස හඳුන්වන මේ මහා රැලිය ආණ්ඩුවට එරෙහිව පවත්වන්නට යන රැලි මාලාවේ පළමුවැන්නයි. එසේම හිටපු ජනාධිපතිවරයා ඍජුවම ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රැස්වීමකට සහභාගි වන පළමු අස්ථාවද මෙය වෙයි.
දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ උදය ගම්මන්පිල මහත්වරු මෙහිදී  ඇමතිමට නියමිතය.
මහා සංඝරත්නය, ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂවල නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ රැස්වීමට සහභාගිවන බව සංවිධායකයෝ පවසති.