FAST NEWS

24×7 Around the Globe

විදුලි බලේ ලොක්කෝ කොප් කමීටුව හමුවට කැඳවති.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මාර්තු 24 වනදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නිලධාරින් මෙලෙස කැඳවා තිබේ.
හදිසියේ විදුලිය බිඳ වැටීමට හේතුව, ඉන් පෙර අවස්ථා කිහිපයකදී බිඳ වැටීම් සිදුව තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීම සහ ඉදිරියේදී අඛන්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙම නිලධාරින්ගෙන් කරුණු විමසීම සිදු කරන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කඑර සිටියේය.