FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට යුරෝපා කොමිසමෙන් යුරෝ මීලියන 38ක්.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාපාරික හා සංවර්ධන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යුරෝ මිලියන 38ක ව්‍යාපෘතියක් වෙනුවෙන් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අද (16)අත්සන් තැබීමට නියමිතය.

ඒ සඳහා යුරෝපා කොමිසමේ ජාත්‍යන්තර හා සංවර්ධන කොමසාරිස්වරයා වන නේවෙන් මිමිකා තෙදින නිල සංචාරයකට දිවයිනට පැමීණියේය.

සංවර්ධන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සමග පවත්නා දිගු කාලීන සම්බන්ධතාව තවදුරටත් තහවුරු කරමින් මෙම අලුත් සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලංකාගමනයට පෙරාතුව අදහස් දක්වමින් මිමිකා පෙන්වාදි තිබේ.