FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර පණ ගැන්වීම අද (16) රාත්‍රී සිට.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර පණ ගැන්වීම අද (16) රාත්‍රී ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යංශය පවසයි.
එහි විදුලි ජනනය හෙට උදෑසන සිට ආරම්භ කරන බවද අමාත්‍යංශය වැඩි දුරටත් අවධාරණය කරයි.
එමගින් මෙගා වොට් 300ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.
මේ අතර අද සහ හෙට දිවයින පුරා පැය හත හමාරක් විදුලිය කපා හැරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.