FAST NEWS

24×7 Around the Globe

නිශාන්ත රණතුංගට ඇප ලබාදීමේ තීන්දුව කල් යයි.

සීඑස්එන් නාළිකාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින නිශාන්ත රණතුංගට ඇප ලබාදීමේ තීන්දුව බදාදාට (16) කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
නිශාන්ත රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ඔහුට ඇප ලබාදීම පිළිබඳව හෙට(16) සලකා බැලීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග සමග සැකපිට අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ ඇතුළු අනෙක් සිව්දෙනාට සඳුදා (14) ඇප ලැබිණි.