FAST NEWS

24×7 Around the Globe

එජාපයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් එකාබද්ධ විපක්ෂයේ වේදිකාවට.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් ලබන 17 වැනි දා පැවැත්වෙන ජන රැලියට එජාපයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 500ක් සහභාගීවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ මහතා මෙම පිළිබඳව අවධාරණය කර සිටියේ ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එජාප ආණ්ඩුවේ දාසයන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකරන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආත්මය වෙනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පෙනී සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.