FAST NEWS

24×7 Around the Globe

පොදු අපේක්ෂක වේදිකාවට වෙඩි තැබු මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට.

පසුගිය ජනපතිවරණ සමයේ 2015 ජනවාරි මස 03 වැනි දින පොදු අපේක්ෂක වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරලගංවිල ප්‍රදේශයේ පැවැති ප්‍රචාරක රැලියක් අවසන්වීමෙන් අනතුරුව වෙඩි තබා බියගැන්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අද (15දා) අලුයම 1.00 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
දිඹුලාගල ප්‍රා.සභාවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කොළඹ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්  අද (15දා) පෙරවරුවේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය වසරේ  මෙම වෙඩි තැබීම සිදුවූ අතර, මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවෝ සිවුදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටිති.