FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර.

වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් ඊයේ(14) දිනයේ දී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය චීන ආයෝජකයින් වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගිය  09 වන දින ලබා දුන්හ.
2014 වසරේ  සැප්තැම්බර් මාසයේ ආරම්භ වු වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව එල්ල වු විරෝධතා හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මස 6 වන දින සිට එම ව්‍යාපෘතියේ කටයුතු නතර කරන ලෙස රජය විසින් නියෝග කර තිබුණි.