FAST NEWS

24×7 Around the Globe

අවම වැටුප පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500කින් වැටුප් වැඩි කිරීම සහ අවම වැටුප රුපියල් දස දහසක් ලෙස නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට  කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් අද (11) ඉදිරිපත් කළේය.
මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් දස දහසේ අවම වැටුප සහ රුපියල් 2500ක වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි මස සිට කි‍්‍රයාත්මක විය යුතු වන අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට අවම වැටුපක් පනතක් මගින් පනවනු ලබන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.