FAST NEWS

24×7 Around the Globe

රුහුණු විශ්ව විද්‍යාලයේ එක් පරිශ‍්‍රයක් තාවකාලිකව වසා දැමේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රය අද (11) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සඳහන් කළේය.

පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුන්ට පානීය ජල ගැටලූවක් මතු වී ඇත බවත් ඉකුත් දින කිහිපයේදී සිසුන් කිහිපදෙනෙකු විවිධ රෝගාබාධවලට ද ගොදුරු වූ බව මීට හේතුව වශයෙන් උපකුලපතිවරයාවැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

එ අනුව වැල්ලමඩම පරිශ‍්‍රයේ පිහිටා ඇති මානව ශාස්ත‍්‍ර හා සමාජයීය විද්‍යා පීඨ තාවකාලිකව වසා දැමීමට කටයුතු  කල බව උපකුලපතිවරයා පැවසීය.